බස්නාහිර පළාතේ පාසල් තුළ ජල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ සනීපාරක්ෂක පහසුකම් භාවිතය පිළිබඳ සිසු දරුවන් දැනුවත් කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය

පාර්ලිමේන්තු මන්ත්‍රි ආවාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ සංකල්පයක් මත ආරම්භකල ජල හා සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම සහ සනීපාරක්ෂක ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්ක පාදක කරගන්මින් සාර්ථකව නිම කරන ලදී.

බප/මතු දික්හේන කනිශ්ඨ විද්‍යාලය, බප/හො දිවලකඩ කනිශ්ඨ විද්‍යාලය සහ බප/කළු හල්කඳවිල මහා විද්‍යාලය යන පාසල්වල සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම උදෙසා ඉදිකල  අංග සම්පූරණ  වැසිකිළි පද්ධති මේ වන විට සිසු පරහරණය සඳහා ලබාදී අවසන්ය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව ඉදිරිපත් කල සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන වඩා කාලෝචිත විය. දැඩි ආර්ථික දුෂ්කරතාවයක් පවතින මෙම කාල වකවානුව තුල  මෙවන් සමාජීය මෙහෙවරකට මූල්‍ය අනුග්‍රහය දැක්වූ තිස්ස ද සිල්වා පදනමට අප බෙහෙවින් ස්තූති වන්ත වෙමු.

මෙහි දෙවන අදියර කොළඹ,ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට  යෝජිත වන අතර ඒ සඳහාද අනුග්‍රහය දක්වනු ලබන්නේ  තිස්සද සිල්වා පදනම මගිනි.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Sep 28, 2022 @ 8:57 am – නිර්මාණය ITRDA