හොරණ කලාකෙත සංස්කෘතික මධ්‍යස්ථානයේ  කථක් නර්ථන පාඨමාලාව සඳහා සම්පත්දායකයින් බදවා ගැනීම

බස්නාහිර පළාත් සංස්කෘත්ක හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන හොරණ කලාකෙත සංස්කෘතික මධ්‍යස්ථානයේ  කථක් නර්තනය සඳහා සුදුසුකම් ලත් සම්පත්දායකයකු බදවා ගැනීමට අවශ්‍ය වී ඇත.

පහත මූලික සුදුසුකම් සපුරා ඇති ගුරු මහත්ම මහත්මීන්  මේ සමඟ ඉදිරිපත්කර ඇති අයදුම්පත සම්පූර්ණ කොට ලියා පදිංචි තැපෑල මඟින් 2022.06.10 වන දිනට පෙර ස්ථානභාර නිලධාරී, කලාකෙත, නො.132/21, අඟුරුවාතොටපාර, හොරණ යන ලිපිනයට යොමු කරන මෙන් දන්වා සිටිමි.

මූලික සුදුසුකම්

01.බස්නාහිර පළාතේ ස්ථිර පදිංචි කරුවකු වීම.(හොරණ නඟරයට ආසන්න පදිංචි කරුවකු වීම විශේෂයි.)

02.රජයේ පාසලක,පෞද්ගලික පාසලක හෝ රජයේ  ලියාපදිංචි කලායතනයකු ගුරුවරයකු වීම.

03.නෘත්‍යකථක් විශාරද මට්ටම අවම අධ්‍යාපන සුදුසුකම වේ.

වැදගත්:

අයදුම්පත් යොමුකරන අයවලුන් අවසානයේ පැවත්වෙන සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරාගනු ලැබේ.

අයදුම්පත්‍රය ලබා ගන්න

වැදගත් :  ලිපි යොමු කිරීමේදී කවරයේ වම්පස කථක් නර්තනය සඳහා ගුරුවරුන් බඳවා ගැනීම යනුවෙන් සටහන් කරන්න

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ May 31, 2022 @ 6:06 am – නිර්මාණය ITRDA