අපගේ දැක්ම
ජනතා සුබ සිද්ධිය පිණිස තම ආයතනය මෙහෙයවන ගාමක බලවේගය.
අපගේ මෙහෙවර
දැනුමෙන් පරිපූර්ණ පුරවැසි පිරිසක් බිහි කිරීමට නූතන ප්‍රවේශයක් තුළින් අධ්‍යාපන ක්‍රියාවලිය මෙහෙයවීමත්, පළාත් ප්‍රජාවගේ ක්‍රීඩා කෞශල්‍යය හා පෞරුෂය සංවර්ධනය කිරීමත්,දේශීය සංස්කෘතිය නගා සිටුවීම හා සාහිත්‍ය කලා කටයුතු තුළින් සමාජ සංවර්ධනයත්,මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට තොරතුරු තාක්ෂණය භාවිතයත් අරමුණු කර ගනිමින් එහි සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් යුතුව වැඩසටහන් සම්පාදනය ක්‍රියාත්මක කිරීම හා නියාමනය අපගේ මෙහෙවරයි.
අපගේ ප්‍රධාන කාර්යයන්
- බස්නාහිර පළාත තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සංවිධානය, පළාත් පාසල් වල පරිපාලනය, පාසල් සංවර්ධනය සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීම.
- ක්‍රීඩා කුසලතාවන් වැඩි දියුණු කිරීමට ප්‍රජාව සංවිධානය කිරීම, පුහුණුව හා දැනුවත් කිරීම, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩා තරග සංවිධානය, මූල්‍ය පහසුකම් සැපයීම හා පාර්ශ්වකරුවන් ඇගයීම.
- බස්නාහිර පළාතේ ප්‍රජාව තුළ සංස්කෘතික හා කලා කටයුතු වැඩි දියුණු කිරීමට අවශ්‍ය දායකත්වය, කලා ආයතනය සඳහා අවශ්‍ය දායකත්වය ලබා දී කලාකරුවන් දිරි ගැන්වීම, සාම්ප්‍රදායික සංස්කෘතිකාංග නව පරපුර වෙත සමීප කර වීම.
- බස්නාහිර පළාතේ යෞවන යෞවනියන් නායකත්වයෙන් පිරිපුන්, ගුණගරුක සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත් කිරීමට අවශ්‍ය විවිධ ක්‍රියාමාර්ග ගැනීම.
2015 වසරේ බස්නාහිර පළාත් සභාව යටතේ මෙම අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නම් කර ඇත.
බස්නාහිර පළාත් පාසල්
- කලාප කාර්යාල සංඛ්‍යාව
- 11
- කොට්ඨාස කාර්යාල
- 38
- පළාත් පාසල් සංඛ්‍යාව
- 1,261
- පළාත් ගුරුවරු සංඛ්‍යාව
- 33,616
- පාසල් සිසුන් සංඛ්‍යාව
- 623,804
අපගේ අනුමත කාර්යය මණ්ඩලය (මාණ්ඩලික )
| අනු අංකය | තනතුර | සේවාව |
|---|---|---|
| 1 | අමාත්‍යාංශ ලේකම් | ශ්‍රී ලංකා පරිපාලන සේවය |
| 2 | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් | ශ්‍රී ලංකා පරිපාලන සේවය |
| 3 | ප්‍රධාන ගණකාධිකාරි | ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය |
| 4 | අධ්යක්ෂ (සැලසුම්) | ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය |
| 5 | ක්‍රීඩා අධ්යක්ෂ | ශ්‍රී ලංකා පරිපාලන සේවය |
| 6 | නියෝජ්‍ය අධ්යක්ෂ (අධ්‍යාපන) | ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය |
| 7 | සහකාර ලේකම් ( තනතුරු 03) | ශ්‍රී ලංකා පරිපාලන සේවය |
| 8 | ගණකාධිකාරි | ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය |
| 9 | සහකාර අධ්යක්ෂ සැලසුම් (තනතුරු 03) | ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය |
| 10 | සහකාර අධ්යක්ෂ සැලසුම් (දෙපාර්තමේන්තු ) | ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය |
| 11 | සහකාර ක්‍රීඩා අධ්යක්ෂ (තාක්ෂණ) | දෙපාර්තමේන්තුගත |
| 12 | පරිපාලන නිලධාරි | කළමනාකරණ සහකාර සේවය |






Users Today : 68
This Year : 19046
Who's Online : 1