බස්නාහිර පළාත් අන්තර් කලායතන තරඟ 2022

මාර්ගෝපදේශය හා උපදෙස් පත්‍රිකාව

පසුබිම :

දේශීය කලාවන්ගේ සංරක්ෂණය, චිර පැවැත්ම හා සංවර්ධනය අරභයා, මෙම අමාත්‍යාංශය අන්තර් කලායතන තරඟ මාලාව පවත්වනු ලබයි.

අරමුණු :

  • පාරම්පරික දේශීය කලාව සුරක්ෂණය කොට පවත්වාගෙන යාම හා නව පරපුර දිරිමත් කිරීම සඳහා කලායතන අතර, නර්තන හා සංගීත තරඟාවලියක් වාර්ෂිකව පවත්වා කුසලතා පූර්ණ දරු දැරියන් හඳුනා ගෙන ඔවුන්ගේ කුසලතා වර්ධනයට අවස්ථාවක් සලසා දීම,
  • දේශීය නර්තන හා සංගීත සම්ප්‍රදාය රැක ගැනීම, වර්ධනය කිරීම හා නව පරපුර ඊට යොමු කිරීම.
  • නව නිර්මාණ බිහි කිරීම.
  • කලා ක්ෂේත්‍රය පිළිබඳ සමාජ අවබෝධය වර්ධනය කිරීමෙන්, ඇල්මක් ජනිත කරවීම හා වැඩි පිරිසක් ඒ වෙත යොමු කරවීම.

මෙම තරගාවලිය දිස්ත්‍රික් නර්තන , පළාත් නර්තන හා පළාත් සංගීත තරගයක් ලෙස පැවැත්වේ. තරගාවලිය සඳහා අදාළ වන පොදු කොන්දේසි, නර්තන හා සංගීත තරග සඳහා අදාළ වන කොන්දේසි හා අයඳුම්පත්‍ර මේ සමඟ අමුණා ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලායතන දැනුවත් කර ඊට අදාල අයඳුම්පත්‍ර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව අප අමාත්‍යාංශය වෙත යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

අනෙකුත් කලාකරුවන් දිරිමත් කර කලාව පෝෂණය කිරීම හා ජනගත කිරීමට අපගනු ලබන උත්සාහයට ඔබගෙන් ලැබෙන සහයෝගය ඉතා අගයකොට සලකමි.

ඉහත තරඟ ඉසව් සඳහා පොදු කොන්දේසි, තරඟ ඉසව් සහ අයඳුම්පත් පහතින් බාගත කිරීම් කළ හැකිය.

__________________________________________________________________________________________

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 18, 2022 @ 9:28 am – නිර්මාණය ITRDA