බස්නාහිර පළාත් කළා උළෙල

2021

දේශීය කලාවන්ගේ සංරක්ෂණය, චිර පැවැත්ම හා සංවර්ධනය අරභයා, මෙම අමාත්‍යාංශය අන්තර් කලායතන තරඟ මාලාව පවත්වනු ලබයි.

අරමුණු

  1. පාරම්පරික දේශීය කලාව සුරක්ෂණය කොට පවත්වාගෙන යාම හා නව පරපුර දිරිමත් කිරීම සඳහා කලායතන අතර, නර්තන හා සංගීත තරඟාවලියක් වාර්ෂිකව පවත්වා කුසලතා පූර්ණ දරු දැරියන් හඳුනා ගෙන ඔවුන්ගේ කුසලතා වර්ධනයට අවස්ථාවක් සලසා දීම,
  2. දේශීය නර්තන හා සංගීත සම්ප්‍රදාය රැක ගැනීම, වර්ධනය කිරීම හා නව පරපුර ඊට යොමු කිරීම.
  3. නව නිර්මාණ බිහි කිරීම.
  4. කලා ක්ෂේත්‍රය පිළිබඳ සමාජ අවබෝධය වර්ධනය කිරීමෙන්, ඇල්මක් ජනිත කරවීම හා වැඩි පිරිසක් ඒ වෙත යොමු කරවීම.

මෙම තරගාවලිය දිස්ත්‍රික් නර්තන , පළාත් නර්තන හා පළාත් සංගීත තරගයක් ලෙස පැවැත්වේ. තරගාවලිය සඳහා අදාළ වන පොදු කොන්දේසි, නර්තන හා සංගීත තරග සඳහා අදාළ වන කොන්දේසි හා අයඳුම්පත්‍ර බාගත කල හැක.

අදාළ අයදුම්පත්‍ර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව අමාත්‍යාංශය වෙත යොමු කල යුතුය.

තරගාවලිය සඳහා අදාළ වන පොදු කොන්දේසි

නර්තන  තරග සඳහා අදාළ වන කොන්දේසි

නර්තන  තරග සඳහා අයදුම්පත

සංගීත තරග සඳහා අදාළ වන කොන්දේසි

සංගීත  තරග සඳහා අයදුම්පත

අනෙකුත් කලාකරුවන් දිරිමත් කර කලාව පෝෂණය කිරීම හා ජනගත කිරීමට අපගනු ලබන උත්සාහයට ඔබගෙන් ලැබෙන සහයෝගය ඉතා අගයකොට සලකමි.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Mar 31, 2021 @ 10:18 am – නිර්මාණය ITRDA