බස්නාහිර පළාත් කෙටි නාට්‍ය වැඩමුළුව සහ තරඟාවලිය  – 2024

සමාජයක ගමන් මග හැඩගස්වා ගැනීමට කලාව ඉමහත් පිටුවහලක් වේ. කලාංගයක් ලෙස වේදිකා නාට්‍යකරණය ඒ අතුරෙන් ප්‍රමුඛස්ථානයක් ගනී. නාට්‍යකරුවා විසින් පුළුල් ලෙස අධ්‍යයනය කරන ලද මානව සබැඳියාවන්, මිනිස් චර්යා රටාවන්, ඇවතුම් පැවතුම්,  මානවීය ගුණයන් විවිධ පැතිකඩ තුළින් තමාටම අනන්‍යවූ දෘෂ්ඨි කෝණයන්ට අනනුකූලව විවරණය කරමින්, විග්‍රහයක යෙදෙමින් සහෘද මනස පුබුදුවාලමින්,  සිය නිර්මාණාත්මක කුසලතාව ප්‍රේක්ෂක රසිකත්වය වෙත  ගෙනහැර දක්වයි. එමගින් කිසියම් සමාජයක් වෙලා පවත්වාගෙන ඇති  අහිතකර තත්වයන් ප්‍රකාශයට පත්කිරිමත්, පොදු ජන විඥානයටත්, සමාජයටත්  හිතකර  මතවාද ගොඩනැගීමටත්, රසවින්දයටත් ඉඩහසර තනමින් පෘථුල විෂය ක්ෂේත්‍රයක් බවට පත්කරයි.

කෙටි නාට්‍ය පිටපත් ලිවීමේ සිට වේදිකා ගත කිරීම දක්වා සියළුම අවස්ථා ඇතුලත්ව නාට්‍ය නිෂ්පාදනයට අදාල අත්දැකීම් නේවාසික වැඩමුළුවක් මඟින් ලබාදී අවසානයේ කෙටි නාට්‍ය තරගාවලියක් පවත්වා සම්මාන ප්‍රදානය සිදු කිරීම හා නාට්‍යකරුවන් සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, නාට්‍ය පිටපත් රචනය, රංගනය, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගවස්ත්‍ර නිර්මාණය, රංගාලෝකකරණය, අධ්‍යක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන් මෙහිදී ආවරණය කෙරේ.

(1). උපදෙස් පත්‍රිකාව හා අයඳුම්පත්‍රය

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Jul 4, 2024 @ 9:23 am – නිර්මාණය ITRDA