බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම (2023)- II අදියර

පත්වීම් ලිපි හා ස්ථානගත කිරීමේ ලිපි ප්‍රදානය

  • ඉහත විභාගය යටතේ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ ගුරු සේවයට තෝරා පත් කර ගෙන ඇති පත්වීම්ලාභීන් වෙත පත්වීම් ලිපි හා ස්ථානගත කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය 2024.04.03 දින ප.ව 3.00 සිට ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
  • ඒ අනුව ගංගාරාම විහාරස්ථානය (බේරේ වැව) අසල පිහිටි ඇතුලුවීමේ දොරටුවෙන් පමණක් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාව වෙත ප්‍රවේශ විය යුතුය.
  • එදිනට ඔබව හඳුනා ගැනීමේ අංකය ලෙස ආසන අංකය භාවිතා කරන බැවින් ඇමුණුම 01 හි ඔබගේ නමට ඉදිරියෙන් ඇති ආසන අංකය ලියාපදිංචි කටයුතු සඳහා ඔබ විසින් අදාල නිලධාරීන් වෙත සඳහන් කල යුතුය.
  • ඇමුණුම 01 හි ඔබගේ නමට ඉදිරියෙන් ඇති ආසන අංකය උත්සවය අවසාන වන තෙක් ආයතනික කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වේ.
  • ඒ අනුව ආසන අංක 1 සිට 1145 දක්වා වන පිරිස පෙ.ව 10.30 වන විට හා ආසන අංක 1146 සිට ඉදිරියට වන පිරිස දහවල්12.00 වන විට එම ස්ථානයට පැමිණිය යුතුය.
  • මෙම උත්සවය පැවැත්වෙන පරිශ්‍රයට ඇතුළු විය හැක්කේ පත්වීම්ලාභියාට පමණක් වන අතර ,කිසිඳු හේතුවක් මත බාහිර පාර්ශවයකට එම පරිශ්‍රයට ඇතුළු විය නොහැක.
  • එදිනට ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වෙනත් වලංගු හැඳුනුම්පතක් (විදෙස් ගමන් බලපත්‍රය ,රියදුරු බලපත්‍රය) ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  • පිරිමි පත්වීම්ලාභීන් කළු කලිසම , සුදු කමිසය හා ටයි පටියක් පැළදිය යුතු අතර , කාන්තා පත්වීම්ලාභීන් සුදු පැහැති සාරියකින් සැරසී පැමිණිය යුතුය.
සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Apr 2, 2024 @ 4:09 am – නිර්මාණය ITRDA