බස්නාහිර පළාත් සභා පාසල්වල විදුහල්පති තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම

පහත සදහන් කර ඇති බස්නාහිර පළාත් සභා පාසල්වල විදුහල්පති තනතුරු සදහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරින්ගෙන් අයදුම්පත් කැදවන අතර, සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2023.02.15 දිනට පෙර අධ්‍යාපන ලේකම්, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, 02 වන මහල, නව පළාත් සභා කාර්යාල සංකීර්ණය, 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දිය යුතුය.

විදුහල්පති තනතුර පුරප්පාඩුව පවතින විදුහල සමග එම පාසලට අදාළ අධ්‍යාපන පරිපාලන සේවයේ (සාමාන්‍ය සේවක සංඛ්‍යාව) හා විදුහල්පති සේවයේ අදාළ ශ්‍රේණිය (√) ලකුණින් දක්වා ඇති අතර, අදාළ විදුහල්පති ශ්‍රේණිය සදහා ප්‍රමාණවත් අයදුම්කරුවන් නොමැතිනම් පමණක් ඉල්ලුම්කර ඇති අනෙකුත් විදුහල්පති ශ්‍රේණිධාරින් පිළිබද සලකා බලනු ලබන බව දන්වමි.

අධ්‍යාපන කලාපය පාසල පාසල් වර්ගය සිටිය යුතු සේවය හා ශ්‍රේණිය
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය විදුහල්පති 1 ශ්‍රේණිය විදුහල්පති 11 හා 111 ශ්‍රේණිය
කඵතර බප/කඵ/කුරුප්පුමුල්ල ශ්‍රී පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලය 3
මතුගම බප/මතු/ඩී. ඩී. ඇතුලත්මුදලි කණිෂ්ඨ විද්‍යාලය 2
ශ්‍රී ජයවර්ධනපුර බප/ජය/කොට්ටාව ධර්මපාල විද්‍යාලය 1 AB
බප/ජය/ලංකා සභා විද්‍යාලය 3
බප/ජය/කොට්ටාව ආනන්ද විද්‍යාලය 1 C
බප/ජය/කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය 1 C
ගම්පහ බප/ගම්/අල් අස්වර් මහා විද්‍යාලය 1 AB
මීගමුව බප/මීග/කදාන සාන්ත සෙබස්තියන් බාලිකා මහා විද්‍යාලය 1 AB
කැලණිය බප/කැල/අල් මුස්තාපා විද්‍යාලය 1 C

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 1, 2023 @ 9:52 am – නිර්මාණය ITRDA