විශේෂ නිවේදනයයි!

බස්නාහිර පළාත් සභා පාසල්වලට පත්වීම් ලැබීමට නියමිත ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් හට පත්වීම් ලිපි ප්‍රදානය 2022.05.02 හා 2022.05.03 ලෙස දෙදිනකදී පැවැත්වීමට පෙරදී සැලසුම් කර තිබුණද, සියළු පත්වීම් ලිපි 2022.05.02 දින ඔබ වෙත ලබා දීමට තීරණය කරන ලද බව කාරුණිකව දන්වමි.

එබැවින් සියළු පත්වීම්ලාභීන් නාමලේඛනයේ ඇති 2022.05.03 දිනට හිමි වේලාවටම 2022.05.02 දින පත්වීම භාර ගැනීම සඳහා ඩෙන්සිල් කොබ්බෑකඩුුව මාවතේ පිහිටි නව පළාත් සභා කාර්යාල සංකීර්ණයේ 02 වන මහළ වෙත පැමිණෙන ලෙස වැඩිදුරටත් දන්වමි.

2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව සාර්ථකව නිම කළ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ආ) ගුරු පත්වීම් ලබා දීම

බස්නාහිර පළාත් සභා පාසල්වලට ගුරු පත්වීම් ලැබීමට නියමිත ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛනය හා පත්වීම් භාර ගැනීමට පැමිණිය යුතු ස්ථානය උපදෙස් පත්‍රිකාවේ දක්වා ඇත. ඒ අනුව 2022.05.02 දින  ලබා දී ඇති වේලාවට පත්වීම් භාර ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමි.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Apr 29, 2022 @ 5:41 pm – නිර්මාණය ITRDA