බස්නාහිර පළාත් විශ්වාභිනන්දනකලාකරු උපහාර උළෙල

2020

බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ස්වකීය ප්‍රතිභා ප්‍රභාව තුළින් ශිල්ප කලාවේ නිම් වලලු පුළුල් කොට සුවහසක්  ජනී ජනයා නිහඬව සන්තර්පනය කළද ඒ සඳහා ජාතික මට්ටමේ ඇගයීමකට පාත්‍ර නොවු නමුදු ශිල්ප කලා හැකියා ප්‍රකට කළ, බස්නාහිර පළාත් ගම් දනව් සිසාරා විසිරී සිටින කුසලතා පුර්ණ කලාකරුවන් දිරිගන්වනු වස් රාජ්‍ය මට්ටමේ ඇගයීමට ලක් කිරීමේ අරමුණින් “විශ්වාභිනන්දන 2020 කලාකරු උපහාර උළෙල″ මෙම වර්ෂයේද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ සඳහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් නාම යෝජනා ලබා ගැනීමට අදහස් කර ඇති අතර, ඒ සඳහා විවිධ කලා ක්ෂේත්‍ර යටතේ කලා කරුවන් තෝරා ගැනීමට නියමිතව ඇත.

කලා ක්ෂේත්‍ර ලේඛණය

අයදුම්පත්‍රය

සියලුම ක්ෂේත්‍රයන්ගෙන් ඒ ඒ කලා ශිල්පියා අදාළ ක්ෂේත්‍රයන්ගේ සිදු කරන ලද කාර්ය භාරය තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි තොරතුරු හා මුලාශ්‍ර බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරී විසින් සහතික කර අප වෙත එවිය යුතුය.(සහතික,ග්‍රන්ථ,ඡායාරූප,යන ආදිය)

අදාළ නාම යෝජනා යොමු කිරීමේදි පහත සඳහන් නිර්ණායකද සැලකිල්ලට ගත යුතුය.

  • සෑම අයදුම් කරුවෙකුම මේ වන විට බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචි කරුවෙකු විය යුතුය.
  • මීට පෙර වර්ෂ වලදී බස්නාහිර පළාත් විශ්වාභිනන්දන සම්මානයෙන් පිදුම් නොලද අයෙකු විය යුතුයි.
  • ‍එක් කලාකරුවෙකු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නේ නම් එක් එක් ක්ෂේත්‍රයට වෙන් වෙන්ව අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
  • විනිශ්චය මණ්ඩලය විසින් විශ්වාභිනන්දන සම්මානය පිරිනැමීමට සුදුසු කලාකරුවෙකු වශයෙන් තෝරාගත හොත්, මුද්‍රණය කිරීමට අපේක්ෂිත සමරු කලාපයට ඇතුළත් කිරීම සඳහා කලාකරුවා පිළිබඳ විස්තරයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා A4 පිටු ½ක සඳහන් කර අයදුම්පත සමඟ අමුණා එවිය යුතුය.

මෙ‍ම සියළු අයදුම්පත් 2020 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර මෙම අමාත්‍යාංශය වෙත ලැබීමට සැලස්විය යුතුය.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Nov 9, 2020 @ 7:01 am – නිර්මාණය ITRDA