බස්නාහිර පළාත් චිත්‍ර කලා වැඩමුළුව හා තරගාවලිය 2023

  • බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලැබූ චිත්‍ර තරගාවලිය බස්නාහිර පළාතේ ලියාපදිංචි දරුවන් වෙනුවෙන් කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, විවෘත යන අංශ නියෝජනය වන අයුරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. එය දිස්ත්‍රික්ක තුන පදනම් කරගනිමින් සුදුසු ස්ථාන තුනක ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දරු දැරියන් කැඳවා, , ඇඳීමට අවශ්‍ය මූලික සාධක සමානව සපයමින් නිශ්චිත තරඟ කොන්දේසි මාලාවක් මත තරගය පවත්වනු ලැබුණි.
  • අනතුරුව ප්‍රමානික දස්කම් දක්වා ඇති නිර්මාණ පමණක් පළාත් මට්ටමින් ඇගයීමට තෝරා ගැනෙන අතර, අනෙකුත් සියලු නිර්මාණ හිමි තරඟකරුවන් හට “බස්නාහිර පළාත් චිත්‍ර තරගාවලියට සමගාමීව පවත්වන ලද දිස්ත්‍රික් තරගයට සහභාගිවීම“ යන්න තහවුරු කරන සහතිකපත්‍රයක් පිරිනැමුණු අතර දිස්ත්‍රික් මට්ටමින් ස්ථාන තේරීමක් සිදු නොවිණි.
  • විෂය ප්‍රවීන ශිල්පීන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් චිත්‍ර 150 ක් පළාත් මට්ටමට තෝරා ගනු ලැබිණි.එම චිත්‍ර 150 වෙනුවෙන් විනිශ්චය මණ්ඩලය මඟින් ලකුණු ලබා දීම සිදු කරනු ලැබේ.( චිත්‍ර සඳහා ලකුණු ලබා දීමේ නිර්ණායක විනිශ්චය මණ්ඩලය සතු වේ.)
  • ඒ අනුව ප්‍රමාණික දක්ෂතා දැක්වූ සියළු තරග කරුවන්ගේ නිර්මාණ උක්ත විනිශ්චය මණ්ඩලය මඟින් ඇගයීමට ලක්කර ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානද, කුසලතා ඇගයුම් 10 දෙනෙකු හට ද පිරිනමනු ලැබිණි. අනතුරුව ලකුණු ප්‍රමුඛතාවය අනුව ප්‍රායෝගික වැඩමුළුව සදහා සිසුන් 50 දෙනෙකු තෝරා ගැනීම සිදු කරනු ලැබිණි. අන් සියල්ල සඳහා බස්නාහිර පළාත් චිත්‍ර තරගාවලිය සඳහා සහභාගිවීම යන්න තහවුරුවන සහතිකයක් පිරිනැමිනි.
  • පළාත් තරඟයට තරඟ කළ සියලු නිර්මාණ ඇතුලත් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ අතර, සම්මාන, ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දීම බස්නාහිර පළාත් කලා උළෙලට සමගාමීව 2023.10.27 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පිරිනැමීම සිදුකෙරිණි.
  • අනාගතයට සාර්ථකව මුහුණ දිය හැකි මනා පෞරුෂයකින් යුත් නිර්මාණාත්මක චින්තනයෙන් පරිපූර්ණ වූ සෞන්දර්යාත්මක කලාකාමී මිනිසෙකු බිහි කිරීම වස් මෙහි අරමුණ විය.
සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 12, 2024 @ 9:39 am – නිර්මාණය ITRDA