2018 -2020 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්

ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම -2023

පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය – බස්නාහිර පළාත

2018-2020 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය, ජාතික පාසල් හා බස්නාහිර පළාත්සභා පත්වීම්ලාභීන්ගේ එකතුවෙන් 2023.06.16 දින පෙ.ව.9.00 ට අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

බස්නාහිර පළාත් සභාවට ස්ථානගත කර ඇති පත්වීම්ලාභීන් වෙත කැඳවීම් ලිපි මේ වන විට තැපෑලට යොමු කර ඇත. එහි සඳහන් උපදෙස් ප්‍රකාරව එදිනට පත්වීම් ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය යුතුය.

යම්හෙයකින් ඔබ වෙත කැඳවීම් ලිපිය නොලැබුණේ නම් 2023.06.14 දින දහවල් 12.00 සිට ප.ව. 3.00 දක්වා කාලය තුළ ඒ පිළිබඳව 011-2092883 දුරකතනයට දැනුම් දිය යුතුය.

** විශේෂ අවධානයට**

ඔබගේ ස්ථානගත කිරීමේ ලිපිය ලබා ගැනීම සඳහා 2023.06.18 දින පෙ.ව. 10.00 ට පැමිණිය යුතු බවට කැඳවීම් ලිපියේ සඳහන්ව තිබුණ ද , එය අදියර 02ක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ස්ථානගත කිරීමේ ලිපි ලබා දීම පහත පරිදි සිදුවේ.

දිනය              – 2023.06.18 (ඉරිදා) දින

වේලාව          – 01 අදියරය (පෙ.ව 10.00)

                          02 අදියරය (පෙ.ව 11.30)

ස්ථානය       –  බස්නාහිර පළාත් සභා කාර්යාල පරිශ්‍රය, අංක 204 ,  ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

බස්නාහිර පළාතට ස්ථානගත කරන ලද පත්වීම්ලාභීන්ගේ තොරතුරු ඇතුලත් නාමලේඛනයේ (ඇමුණුම 01) සඳහන් පරිදි ඔබ වෙත වෙන් කර ඇති වේලාවට පමණක් ඒ සඳහා පැමිණෙන ලෙස කාරුණිකව දන්වමි.

එහිදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත/ වලංගු රියදුරු බලපත්‍රය / වලංගු විදෙස් ගමන් බලපත්‍රය රැගෙන පැමිණිය යුතුය.

ස්ථානගත කිරීමේ ලිපිය පත්වීම්ලාභියා වෙත පමණක් ලබා දෙන බැවින් , පත්වීම්ලාභීන් සමඟ පැමිණෙන පිරිස අදාල පරිශ්‍රයට ප්‍රවේශ නොවිය යුතුය.

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Jun 9, 2023 @ 4:17 pm – නිර්මාණය ITRDA