බස්නාහිර පළාතේ පාසල් තුළ ජල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ සනීපාරක්ෂක පහසුකම් භාවිතය පිළිබඳ සිසු දරුවන් දැනුවත් කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ සංකල්පයකට අනුව, තිස්ස ද සිල්වා පදනමේ අරමුදල් දායකත්වයෙන්, බස්නාහිර පළාතේ අඩු වරප්‍රසාදිත පාසල් 03ක් වන මතුගම කලාපයේ බප/මතු/දික්හේන කණිෂ්ඨ විද්‍යාලය, හොරණ කලාපයේ බප/හො/දිවලකඩ කණිෂ්ඨ විද්‍යාලය සහ කළුතර කලාපයේ බප/කළු/හල්කඳවිල මහා විද්‍යාලය පදනම් කර ගනිමින් පාසල් තුල ජල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ සනීපාරක්ෂක පහසුකම් භාවිතය පිළිබඳ සිසු දරුවන් දැනුවත් කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාලව, 2021.10.11 වන දින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා සහ බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) විසින් “තිස්ස ද සිල්වා පදනම” සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදී.
![]() |
![]() |
![]() |