2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම-2020

පත්වීම් ප්‍රදානෝත්සවය 2021.01.18

උක්ත වැඩසටහන යටතේ බස්නාහිර පළාත් සභාවට අනුයුක්ත කර ඇති පත්වීම්ලාභීන්ගේ අදාල පත්වීම් ලිපි ප්‍රදානය බස්නාහිර පළාත් සභා නව කාර්යාල සංකීර්ණයේදී පහත පරිදි සිදුවේ.

දිනය – 2021.01.18

ස්ථානය – බස්නාහිර පළාත් සභා නව ශ්‍රවණාගාරය

වේලාවන් –

දෙමළ / ඉංග්‍රීසි මාධ්‍ය පත්වීම්ලාභීන් පෙ.ව.9.00 වන විට අදාල ස්ථානය වෙත පැමිණ අසුන් ගත යුතුය.
සිංහල මාධ්‍ය පත්වීම්ලාභීන් පෙ.ව.11.30 වන විට අදාල ස්ථානය වෙත පැමිණ අසුන් ගත යුතුය.

පත්වීම්ලාභීන්ගේ නාම ලේඛණය

සිංහල⇒

දෙමළ

ඉංග්‍රීසි

                              සැලකිය යුතුයි ****

පත්වීම භාර ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය වෙත පැමිණෙන ඔබ පහත සඳහන් උපදෙස් පරිදි කටයුතු කල යුතුය .

  • 01.18 දින ඉහත වෙන් කර ඇති වේලාවන් වල පමණක් පැමිණිය යුතුය . යම් හෙයකින් පත්වීම භාර ගැනීම සඳහා එදින පැමිණීමට අපොහොසත් වේ නම් 0112093136 / 0112092883 යන දුරකතන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන පැමිණිය යුතුය.
  • පත්වීම භාර ගැනීම සඳහා පත්වීම්ලාභියාම පැමිණිය යුතුය , කිසිදු හේතුවක් මත වෙනත් පාර්ශවයකට පත්වීම් ලිපිය ලබා ගත නොහැක.
  • තවද පත්වීම භාර ගැනීම සඳහා පත්වීම්ලාභියා පමණක් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණීය යුතු අතර, කිසිදු හේතුවක් මත ඔහු හෝ ඇය සමඟ සමඟ වෙනත් කිසිදු පාර්ශවයකට කාර්යාල පරිශ්‍රය වෙත ඇතුළු වීමට අවසර දෙනු නොලැබේ.
  • පත්වීම භාර ගැනීමට පැමිණීමේ දී ජාතික හැදුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් (විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය) රැගෙන ඒම අනිවාර්ය වේ.
  • කෝවිඩ් 19 වාතාවරණය හේතුවෙන් තම සෞඛ්‍යාරක්ෂාව උපරිමයෙන් සලස්වාගෙන පැමිණිය යුතු අතර එදිනට පැමිණීමේ දී මුව ආවරණය පැළඳ පැමිණීම හා නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වේ.
  • පත්වීම භාර ගැනීමේ ලේඛන කටයුතු සඳහා තමන් විසින්ම නිල් හෝ කළු පෑනක් සපයා ගැනීම සුදුසුය.
  • එදිනට සුදුසු ඇදුමකින් සැරසී පැමිණෙන්න
සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Jan 15, 2021 @ 7:49 am – නිර්මාණය ITRDA