இளங்கலை கல்விக்கான ஆசிரியர் நியமனம் -2023
மேல் மாகாண சபை

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් දැනට ලබා දී ඇති තොරතුරු අනුව බස්නාහිර පළාත් සභා පාසල් වල ගුරු පත්වීම් සඳහා සුදුසුකම් ලබා ඇති අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ නාමලේඛනය මේ සමඟ අමුණා ඇත (ඇමුණුම 01 ).

ඒ් අනුව, එම පිරිස සඳහා පත්වීම් ලිපි ප්‍රදානය පහත පරිදි සිදු කෙරේ.

  • දිනය            :   2023.06.20
  • වේලාව        :   ප.ව.2.00
  • ස්ථානය      :

                නව ශ්‍රවණාගාරය – බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය,

                අංක 204 ,

                ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ,

                බත්තරමුල්ල.

ඉහත නාමලේඛනයේ නම සඳහන් පත්වීම්ලාභීන් එදිනට පහත උපදෙස් ප්‍රකාරව සහභාගී විය යුතුය.

  • සියලූම පත්විම්ලාභීන් 2023.06.20 දින ප.ව.1.45 වනවිට බස්නාහිර පළාත් සභා කාර්යාල පරිශ්‍රය වෙත පැමිණිය යුතුය.
  • එදිනට පත්වීම්ලාභීන් ලියාපදිංචිය සඳහා, නාමලේඛනයේ සඳහන් ඔබගේ අසුන් අංකය මතකයේ තබාගෙන පැමිණීම අවශ්‍ය වේ.
  • පත්වීම් ලිපිය භාර ගැනීම සඳහා පත්වීම්ලාභියාම පැමිණිය යුතු අතර , ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය / වලංගු විදෙස් ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
  • එදිනට ;

          කාන්තා පත්වීම්ලාභීන්      –     ලා පැහැති සාරියකින් ද ,

          පිරිමි පත්වීම්ලාභීන්            –     සුදු කමිසයකින් හා කලු පැහැති කලිසමකින් සැරසී පැමිණිය යුතුය.

All Rights Reserved. © 2017 Education Ministry (W. P.) - Last Modified On May 29, 2024 @ 4:15 am – Designed By ITRDA