Ministry of Education – Western Province

July 8, 2026

බස්නාහිර පළාත්  අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරප්පාඩු පවතින සහකාර / නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන) තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම


මෙම අමාත්‍යාංශයෙහි පුරප්පාඩුව පවතින පහත තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය අනුව සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ ​III/II ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් කැඳවනු ලැබේ.

අනු අංකය තනතුර අනුමත ශ්‍රේණිය පුරප්පාඩු පවතින ආයතනය
1 සහකාර/නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන) ​III/II බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය

මෙම තනතුරට අදාළව සපුරාලිය යුතු සුදුසුකම් හා  අනෙකුත් නිර්ණායක සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්ගේ පහත ලිපිය පරිදි අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ හා කලාප අධ්‍යාපන කාර්යාල හා ඒ යටතේ ඇති ආයතනයන්හී සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් හට මෙම තනතුරට අයඳුම් කළ හැකිය.

ප්‍රධාන ලේකම්ගේ ලිපියට අමුණා ඇති පහත ආදර්ශ අයදුම්පත්‍රය අනුව, සම්පූර්ණ කරනු ලබන අයදුම්පත් නිසි ධූරාවලිය මඟින් 2026.07.24 දින හෝ ඊට පෙර ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමු කිරීමට හැකිවන පරිදි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2026.07.22 දින හෝ ඊට පෙර එකී අයදුම්පත් නිර්දේශ කිරීම සඳහා නිසි ධූරාවලිය මඟින් යොමු කළ යුතුවේ.

2026.07.23 දිනෙන් පසුව ධූරාවලියේ රැඳී තිබී මෙම අමාත්‍යාංශය වෙත ලැබීමට ප්‍රමාද වන අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලි පිළිබඳ සලකා බලනු නොලැබේ.

එමෙන්ම, ප්‍රධාන ලේකම්ගේ අංක CSWP/PTR/9-7/FI/6(D) හා 2026.07.03 දිනැති ලිපිය හා එයට යා කර ඇති ආදර්ශ අයදුම්පත / ලකුණු පටිපාටිය පහත සැබැඳීීන් මඟින් බාගත කර ගත හැකිය.

ලේකම් , අධ්‍යාපන හා ක්‍රිඩා අමාත්‍යංශය(බ.ප)



Posted in: Culture

Leave a comment