Ministry of Education – Western Province

December 20, 2025

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වන කලායතන පද්ධතිය තුළ ක්‍රියාකාරීත්වයට අවැසි උත්තේජනය සහ ඇගයීම මෙන්ම ඒ සඳහා රාජ්‍ය පාර්ශවයෙන් දායකත්වය ලබා දීම තුලින් හෙළ කලා ශිල්පයන්, අතීත උරුමයන්, වියැකී යන සංස්කෘතිකාංගයන් සුරක්ෂණය, අංකුර කලාකරුවන් බිහිවීම, නිවැරදි ශිල්පයන් ජනගත වීම, නිර්මාණකරණයට වඩා වැඩි වටිනාකමක් එක් කිරිම, කලා කුසලතාවන්  ප්‍රදර්ශනය, හා ඒ සඳහා පෘථුල වේදිකාවක් තැනීම සාධනීය ලක්ෂණ මූලික අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය පළාත තුල ක්‍රියාත්මක වේ.

එහිදී මෙම ව්‍යාපෘතිය මගින් බස්නාහිර පළාතෙහි ස්ථාපිතව පවතින ලියාපදිංචි  කලායතන සහ හොරණ කලාකෙත සංස්කෘතික මධ්‍යස්ථානය යන ආයතනයන් අතර,  දිස්ත්‍රික් මට්ටමින් නර්තන, බෙරවාදන තරග පැවැත්වීමට අපේක්ෂිත වන අතර, ඉන් ජයග්‍රහනය ලබන කලායතන පළාත් මට්ටමින් තරග පවත්වා ඇගයීමට අපේක්ෂිත වේ.

සංගීත කලායතන සඳහා පළාත් මට්ටමින්  ගායන සහ වාදන තරග පැවැත්වීමද සිදු කිරීමට අපේක්ෂිතය.

Posted in: Culture

Leave a comment