විදේශ (එතෙර) නිවාඩු

  • විදේශ (එතෙර) නිවාඩු ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කල යුතු ලියවිලි

සැලකිය යුතු පොදු උපදෙස් 

  1. ඔබ විසින් ඉල්ලුම් කරන එතෙර නිවාඩුවට අදාල අයදුම්පත්‍ර නිවැරදිව සම්පූර්ණ කර නියමිත ලියකියවිලි සමග අදාල පාසලේ විදුහල්පති, අදාල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය සමගින් පළාත් අධ්‍යාපන ලේකම් වෙත යොමු කල යුතුය.

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද එතෙර නිවාඩු ඉල්ලුම් පත්‍ර පළාත් අධ්‍යාපන ලේකම්ගේ නිර්දේශය සමගින්, ප්‍රධාන ලේකම්ගේ නිර්දේශය ද සහිතව දිවයිනෙන් බැහැරව යාමට ගරු ආණ්ඩුකාරවරගේ අනුමැතිය ලබා ගැනීම සඳහා පළාත් ආණ්ඩුකාර ලේකම් වෙත යොමු කරනු ලැබේ.

  1. දිවයිනෙන් බැහැරව යාමට ගරු ආණ්ඩුකාරවරගේ අනුමැතිය ලද පසු ඒ සඳහා එතෙර නිවාඩු අනුමත කිරීම පළාත් අධ්‍යාපන ලේකම් විසින් සිදු කරනු ලැබේ.

  1. නිවාඩු අනුමත කරන බලධාරියා වන්නේ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයාය. එබැවින් නිවැරදිව සම්පූර්ණ කරන ලද එතෙර නිවාඩු ඉල්ලුම් පත්‍ර නිවාඩු අනුමත කරන බලධරයා හට එතෙර නිවාඩු ආරම්භක දිනට සති 02 කට වත් පෙර ලබා දිය හැකි වන සේ සති 03 කට පෙර මෙම අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබිය යුතුය.

  1. කිසිදු නිලධරයෙකු බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරගේ අනුමැතියකින් තොරව විදේශගත නොවිය යුතුය.

  1. එසේ අනුමැතියකින් තොරව විදේශගත වීම සේවය හැර යාමට ද ලක්විය හැක.

  1. අඩුපාඩු සහිතව ලද අයදුම්පත්‍ර නැවත හරවා යැවීමට කටයුතු කරන බැවින්, එහිදී ඇතිවන ප්‍රමාදයන් වලක්වා ගැනීම සඳහා පහත වගු තොරතුරු පරිදි නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් පමණක් ඉදිරිපත් කල යුතුය.

  • එතෙර නිවාඩු ඉල්ලීම අනුමත වනු ලබන දළ සැලැස්ම

ගරු ආණ්ඩුකාරවර විසින් දිවයිනෙන් බැහැරව යාම අනුමත කල පසු පළාත් අධ්‍යාපන ලේකම් විසින් එතෙර නිවාඩුව අනුමත කරනු ලැබේ.

නිවාඩු ඉල්ලීම් කරනු ලබන කාරණය අනුව සම්පූර්ණ කල යුතු අවශ්‍යතා

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 10, 2021 @ 8:43 am – නිර්මාණය ITRDA