විදුහල්පති තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය

බස්නාහිර පළාත් සභාවට අයත් පාසල් වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තවතුරු සඳහා සුදුසු නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයන් බස්නාහිර පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අයදුම්පත්‍රය හා අදාල තොරතුරු පහත දක්වා ඇත.

විදුහල්පති තොරතුරු පත්‍රිකාව (අයදුම්පත)

ලකුණු ලැයිස්තුව

සම්මුඛ පරීක්ෂණ දින හා වේලාවන්

සම්මුඛ පරීක්ෂණය සඳහා,  ඉහත ලකුණු ලබා දීමේ ලැස්එතුවට අදාළ එහි සඳහන් ලිපි ලේඛණ, ව්‍යාපෘති වාර්තා හා ඒවායේ සහතික කරන ලද ඡායා පිටපත් ද  පහත සඳහන් ලිපි ලේඛණ ද රැගෙන පැමිණිය යුතුය.

01. ජාතික හැදුනුම්පත

02. මුල් පත්වීමේ ලිපිය

03. අධ්‍යාපන සහතික (අ.පො.ස.(සා/පෙළ)/අ.පො.ස.(උ/පෙළ), උපාධි හා වෙනත්)

04. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත් කරන ලද විධිමත් පත්වීමේ ලිපිය

05. දැනට දරණ නිත්‍ය තනතුරට පත් කර ඇති විධිමත් ස්ථානගත කිරීමේ හෝ පත් කිරීමේ ලිපිය

06. විනය හා විගණන විමසුම් නොමැති බවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශය සහිත ලිපිය

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Jan 6, 2021 @ 9:06 am – නිර්මාණය ITRDA