Ministry of Education – Western Province

June 30, 2026

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව – ( දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන )  12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2026/2027 – අයදුම්පත් කැඳවීම : අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ඒ අනුව වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල්වලට ඇතුළත් වීම සඳහා සිසුන්ට අයදුම්පත් යොමු කළ හැකි අතර මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත්කර ගැනීමේ දී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල සලකා බලනු නොලැබේ.

ඒ අනුව අදාළ අයදුම්පතේ ආකෘතිය අනුව සකස් කරන ලද අයදුම්පත් ඔබ ඇතුළත් වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පති වෙත 2026 ජුලි 08 වන දිනට පෙර යොමු කළ යුතු ය. එම අයදුම්පත පහත අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සබැඳිය හරහා බාගත කළ හැකි ය.
Advanced Level Vocational Stream – Call Applications for Grade 12 Admissions – 2026/2027

Posted in: Culture

Leave a comment