June 22, 2026
බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ මුල් ළමාවිය අධ්‍යාපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ සමාරම්භක උළෙල 2026.06.22 දින බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
බස්නාහිර පළාත තුළ මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධනය ජාතික ප්‍රතිපත්තිය හා සමගාමීව විධිමත් කිරීම අරභයා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මොස්වොල්ඩ් මාර්ටිනස් පදනම ඒකාබද්ධව මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙදින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා මොස්වොල්ඩ් මාර්ටිනස් පදනම එක්ව මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
එම වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන ආයතනය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තාක්ෂණික දායකත්වයෙන් පෙර පාසල් ගුරුවරු 500 ක් සඳහා පෙර පාසල් ඩිප්ලෝමා ලබාදීම, සේවාස්ථ පුහුණු සැසි පැවැත්වීම, ආදර්ශ පෙර පාසල් 02ක් සංවර්ධනය සහ අවශ්‍ය ඉගෙනුම් උපකරණ ලබා දීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.










