Ministry of Education – Western Province

June 5, 2026

බස්නාහිර පළාත් සභාවේ පාසල්වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු වලට සුදුසු විදුහල්පතිවරුන් තෝරා පත්කර ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් 2026.06.11,12,13,14 හා 15 යන දිනයන්හිදී බස්නාහිර පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන විට රැගෙන ආ යුතු  ලේඛණ – (මුල් පිටපත් හා සහතික කරන ලද ඡායා පිටපත්)

  1. ජාතික හැඳුනුම්පත
  2. සේවා සහතිකය (ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වීමේ දින සිට අදාළ කාලසීමාවන් අනුව දරන ලද තනතුරු ද දැනට සිටින ශ්‍රේණිය ද සඳහන් කළ යුතුය.)
  3. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් නිලධාරියා සම්බන්ධව විනය, විමර්ශන හා විගණන පවතීද, පැවැත්වීමට අදහස් කර තිබේද යන්න පිළිබඳ තත්වය දන්වන ලිපිය
  4. ලකුණු ලැයිස්තුවේ අංක 05 හා 06 යටතේ ඇති සියළුම අනුකොටස් සදහා විධිමත් ව්‍යාපෘති වාර්තා හා සැලසුම් කාල රාමුව සහිතව වෙන වෙනම කලාප අනුමැතිය සහිතව (අදාළ ව්‍යාපෘති වාර්තාවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය සදහා පිටුවෙහි ඡායාපිටපතක් ප්‍රමාණවත් වේ.)
  5. ඒ ඒ වර්ෂයට අදාල ගුරු අධීක්ෂණ වාර්තා ගොනු

ඉතා වැදගත්

  • සම්මුඛ පරික්ෂණයට අදාළ විදුහල්පති තොරතුරු පත්‍රිකාවට අදාළ ගූගල් පෝරමය (Google form)- https://form.jotform.com/261551693433459  
  • පහත QR කේත මගින් ලකුණු ලේඛණය හා පිරික්සුම් ලේඛණය බාගත කර ගත හැකිය

Posted in: Culture

Leave a comment