බස්නාහිර පළාත් පාසල් තුල විදුහල්පති තනතුරු වල පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම

බස්නාහිර පළාත් සභාවට අයත් පහත සඳහන් පාසල් වල විදුහල්පති තනතුරු වල පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

අනු

අංකය

පාසලේ නම පාසල් වර්ගය
01 කළු/කොස්වත්ත ජනාධිපති මහ විදුහල 2
02 කළු/මහානාම විදුහල 1 AB
03 කැල/කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලය 3
04 කැල/ක්‍රිස්තුරාජ විදුහල 1C
05 කැල/බියගම මධ්‍ය මහා විද්‍යාලය 1 AB
06 කැල/විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය 2
07 කැල/විශාකා බාලිකා මහ විදුහල 1 AB
08 කො/කුමරඋදයම් දෙමළ විදුහල 2
09 කො/මහාමාත්‍ය මහ විදුහල 2
10 කො/ශාන්ත ජෝන් මහ විදුහල 2
11 ගම්/කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය 1 AB
12 ජය/හේවාවිතාරණ මහ විදුහල 1C
13 පිළි/බෝකුන්දර මහින්ද විදුහල 2
14 මතු/ගම්මන මහ විදුහල 2
15 මතු/වලගෙදර මහ විදුහල 1 AB
16 මිනු/බුරුල්ලපිටිය මහ විදුහල 1C
17 මිනු/යටගම ප්‍රාථමික විද්‍යාලය 3
18 මිනු/වීදියවත්ත සෙනරත් කනිෂ්ඨ විද්‍යාලය 2
19 මීග/මුදලිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහ විදුහල 1 AB
20 හෝ/සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලය 1AB

ඒ අනුව පහත අයදුම්පත්‍රය පරිදි ඉල්ලුම් පත්‍ර සකස් කර 2021 පෙබරවාරි මස 20 දිනට පෙර පහත සදහන් ලිපිනය වෙත ලියාපදිංචි තැපැලෙන් එවීමට කටයුතු කිරීම මඟින් අදාළ තනතුර සඳහා අයදුම්පත් ලබාදිය හැක.

විදුහල්පති තනතුර සඳහා අයදුම්පත්‍රය ⇒

අයදුම් පත් එවිය යුතු ලිපිනය :    ලේකම්

අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය

2 වන මහළ

නව පළාත් සභා සංකීර්ණය

අංක: 204

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

බත්තරමුල්ල.

 

(අයදුම්පත් එවීමේදී ලිපි කවරයේ වම්පත විදුහල්පති තනතුරු වල පුරප්පාඩු ‍පිරවීම යනුවෙන් සදහන් කිරීමට කටයුතු කරන්න)

සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය - යාවත්කාලීන කලේ Feb 23, 2021 @ 3:51 am – නිර්මාණය ITRDA